ඔන්ලයින් වෙළෙඳාම වෙනුවෙන් නව කෙටුම්පතක්

January 24, 2024 - 10:59 AM
ඔන්ලයින් වෙළෙඳාම සඳහා නව කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. 

ඒ ඔන්ලයින් හරහා සිදු කරන වෙළෙඳාම් මේ වන විට වැඩි වී ඇති බැවින් බවයි අමත්‍යවරයා පැවසුවේ. 
 
ඔන්ලයින් වෙළෙඳාමේදී පාරිභෝගිකයාට සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් පැමිණිලි සිදුකිරීමට අවස්ථාවක් නොමැති බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා පැවසුවා. 
 
සමාජයේ ගැටලු සහගත තැන්වලදී සෘජු තීන්දු ගැනීමට මෙවැනි පනත් සම්මත කර ගැනීම තුළින් අවස්ථාව ලැබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
 
පාර්ලිමේන්තුවේදී ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 
(lknews.lk)