විරෝධතාකරුවන්ට අධිකරණ 2කින් ලැබුණු නියෝගය

July 03, 2024 - 11:19 AM
නාමල් කරුණාරත්න ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව අධිකරණ දෙකකින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අද (03) කොළඹ දී සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු කිරිගොවීන් සුරැකීමේ මධ්‍යස්ථානය හා වෘත්තිය සමිති විසින් පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට අදාළවයි.

මෙම නියෝග නිකුත් කර තිබෙන්නේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සහ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.

ඒ අනුව විරෝධතාකරුවන්ට කොටුව පොලිස් වසමේ ඕල්කට් මාවත, ටෙලිකොම් හංදියේ සිට සෙරමික් හංදිය දක්වා ද සෙරමික් හංදිය සිට NSA වටරවුම දක්වා මාර්ගයද NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලු මෝදර වටරවුම අවහිර නොකරන ලෙසට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට සංදේශ භාරදීම හා සාකච්ඡා පැවැත්වීමට ඉතා සුළු කණ්ඩායමකට වගකිව යුතු රජයේ නිලධාරියෙකුගෙන් නිත්‍යානුකූලව ලබා ගත් අවසරයක් මත පමණක් ඇතුළුවීමට බාධාවක් නොවන බව අධිකරණ නියෝගයේ සඳහන්.

(lknews)