දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක්

April 10, 2024 - 1:20 PM
දකුණු කොරියාවේ මධ්‍යවාර පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට වත්මන් ජනාධිපති යුන් සුක් යෝල්ගේ සාර්ථකත්වය පිළිබඳව බැලීමට මෙය ජනමත විමසුමක් බවයි දේශපාලන විශ්ලේෂකයෝ පවසන්නේ.

පාර්ලිමේන්තු වැඩිබහුතර බලයක් ඇත්තේ විපක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයට වන අතර ජනාධිපති යූන් සුක් යෝල් ට පනත් කෙටුම්පත් සම්මත කර ගැනීම ගැටලුවක් වූ බව වාර්තා වෙනවා.

මේ වනවිට එරට පවතින ගැටලු හේතුවෙන් ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති බව සඳහන් වනවා.

(lknews.lk)