අම්පාර දරුවන්ටත් අධ්‍යාපනයේ මඟ විවර වෙයි

July 18, 2024 - 3:53 PM
ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය 2024 වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ තවත් අදියරයක් අම්පාර දිස්ත්‍රික්කයේ දරු දැරියන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන කලාප 07කට අයත් දරු දැරියන් 4760ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීම මෙහිදී සිදු වුණා.

උසස් පෙළ සිසුන් 420ක් හා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 4340ක් ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලබා තිබුණා.

උසස් පෙළ එක් සිසුවෙක් වෙනුවෙන් මාසිකව  රු.6000ක් වටිනා ශිෂ්‍යත්ව ද 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුවෙක් වෙනුවෙන් මාසිකව රු.3000ක් වටිනා ශිෂ්‍යත්ව ද හිමි වී තිබෙනවා.

මෙම වැඩසටහන සඳහා දායකත්වය සපයනු ලබන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින්.

(lknews)