ත්‍රිකුණාමලයේ දරුවන්ටත් අධ්‍යාපනයේ මඟ විවර වෙයි

July 22, 2024 - 6:16 PM
2024 ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ නැගෙනහිර පළාත් දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05කට අයත් පාසල් දරුවන් 3272ක් වෙත අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම අදියර දෙකක් යටතේ පසුගියදා සිදු වුණා.

ඉන් එක් අදියරයක් ක්‍රියාත්මක වුණේ කන්තලේ නගර ශාලාවේදීයි.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමුඛ ජනතා නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා.

උසස් පෙළ දරුවන් 300ක් හා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 2972ක් වෙත ශිෂ්‍යත්ව හිමි වන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනේ දෙවන අදියර ක්‍රියාත්මක වුණේ ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදීයි.

මෙහිදී උසස් පෙළ දරුවන් වෙනුවෙන් මසකට රු.6000ක් වටිනා ශිෂ්‍යත්ව ද 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන් වෙනුවෙන් මසකට රු.3000ක් වටිනා ශිෂ්‍යත්ව ද හිමි වනවා.

ජනාධිපති අරමුදලේ සංවිධානය ශක්තියෙන් හ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දායකත්වයෙන් මෙම වැඩසටහන දියත් කරනු ලබනවා.

(lknews)