ස්වයං රැකියාවල නිරත අයටත් විශ්‍රාම වැටුපක්

April 18, 2024 - 5:24 PM
ස්වයං රැකියාවල නිරත වන පිරිස සඳහා විශ්‍රාම වැටුපක් සකස් කරන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් පවසනවා.

එම වැඩපිළිවෙල මේ වන විට මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බව ඔහු සඳහන් කළා.

ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලක්ෂ 12ක ජනතාවක් සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇති බවයි.

(lknews.lk)