ගාසා තීරයේ ජනතාවට ඉවත් වීමේ නියෝගයක්

October 13, 2023 - 2:14 PM
ඉදිරි පැය 24 තුළදී ගාසා තීරයට උතුරින් වෙසෙන සියලූ ජනතාව ඉවත්විය යුතු බව ඊශ‍්‍රායල හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් දකුණු ගාසා තීරයට පැමිණ පදිංචි විය යුතු බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඒ අනුව ආසන්න වශයෙන් මිලියන 1.1ක ජනතාවක් ඉවත් විය යුතු බවයි.

මීට අමතරව ගාසා සහ ජෙරුසලමට අනතුරු ඇඟවීම් ලබා දී ඇති බවද සඳහන් වනවා.
(lknews.lk)