මෙරට පුද්ගලයන් ලක්ෂ 5ක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙයි

July 04, 2024 - 9:52 AM
අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තා මඟින් මෙරට පුද්ගලයන් ලක්ෂ 5ක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බව අනාවරණය වී ඇතැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

මත්ද්‍රව්‍ය බෙදාහරින බවට හඳුනාගත් පුද්ගලයන් 5979 දෙනෙකු අතරින් 5449 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට අනූ එකක් ( 91%) බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

‘යුක්තිය’ මෙහෙයුමේ සය මාසික ප්‍රගතිය හා එම මෙහෙයුමේ දෙවැනි අදියර සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

(lknews)