අත්අඩංගුවට ගත් කලාකරුවන් ඇතුළු 24 දෙනා නිදහස්

August 04, 2024 - 9:24 AM
පසුගිය 02 වනදා කුවේට් හිදී ශ්‍රී ලාංකික කලාකරුවන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 'එතෙර අපි' නැමැති සංවිධානය මගින් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට අවසර ලබා නොගැනීම හේතුවෙන්. 

කෙසේවෙතත් කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ඔවුන් ඊයේ (04) රාත්‍රියේ නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)