ජනතාව ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් කරනවා - ජනපති

April 10, 2024 - 3:28 PM
නිවාස, අධ්‍යාපනය, ඉඩම් හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ජනතාව ශක්තිමත් අර්ථිකයක කොටස්කරුවන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ බව ජනාධිපතිවරයා සඳහන් කළේ මෝදර, රන්දිය උයන මහල් නිවාස ලබාදීමේ ජාතික උත්සවයට එක්වෙමින්.

එමෙන්ම ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් කිරීම මගින් නොබිඳෙන පුළුල් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(lknews.lk)