විදෙස් රැකියා දෙන මුවාවෙන් මුදල් වංචා කළ පුද්ගලයෙක් පොලිස් දැලේ

August 20, 2024 - 11:43 AM
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙක් ගන්දර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ සැකකරු දිසා විනිසුරුවෙකු හා නීතීඥවරයෙකු ලෙස පෙනී සිටිමින් ජර්මනියේ රැකියා ලබාදෙන මුවාවෙන් මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි.
 
සැකකරු 58 හැවිරිදි වියේ පසුවන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ
 
සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

(lknews)