මෝර ප්‍රහාරයකින් පුද්ගලයෙක් අසාධ්‍ය තත්වයක

June 30, 2024 - 1:11 PM
මෝරෙකුගේ දරුණු සපාකෑමක් හේතුවෙන් නැගෙනහිර ෆ්ලොරිඩාවේ පුද්ගලයෙකු අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා.

ෆ්ලොරිඩාවේ නැගෙනහිර වෙරළ තීරයේ බෝට්ටුවක ගමන් කරමින් සිටි මොහුගේ ශරීරයෙන් අධික රුධිර වහනයක් සිදුව ඇති බවයි සදහන් වන්නේ.

කෙසේ වෙතත් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වූ ප්‍රදේශයේ ආරක්ෂක නිලධාරීන් පහරකෑමට ලක්වූ පුද්ගලයාව ගුවන් මගින් රෝහලට ගෙන ගිය බවයි වාර්තා වනවා.

ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර මෝර ප්‍රහාර පිළිබඳ දත්ත ගොනුවට අනුව සෑම වසරකම ලොව පුරා මෝර ප්‍රහාර 70 සිට 100 දක්වා ප්‍රමාණයක් සිදුවන අතර එයින් පුද්ගලයන් පස් දෙනෙකු පමණ මිය යන බවට ගණන් බලා තිබෙනවා.
(lknews.lk)