විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් පොලිස් දැලේ

September 04, 2024 - 3:33 PM
විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දංකොටුව පොලිස් වසමේ යෝගියාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිළධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන යෝගියාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන දංකොටුව පොලීසිය විසින් සිදු කරනු ලබනවා.

(lknews)