බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයෙක් පොලීසියට කොටු වෙයි

September 08, 2024 - 9:58 AM
බලපත්‍ර නොමැතිව මැණික් ගෙරමින් සිටි පුද්ගලයෙක්, මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ සමඟ පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මස්කෙළිය පොලිස් වසමේ බ්‍රවුන්සීක් වත්ත ප්‍රදේශයේදී මස්කෙළිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මස්කෙළිය පොලීසිය විසින් සිදුකරනු ලබනවා.


(lknews)