ඡන්ද පත්‍රිකා පැහැර ගැනීමට උත්සහ කළ අයෙක් අත්අඩංගුවට

September 11, 2024 - 6:11 PM
නිල ඡන්ද පත්‍රිකා බෙදමින් සිටියදී තැපැල් සේවකයෙක්ට පහරදී ඡන්ද පත්‍රිකා පැහැර ගැනීමට උත්සහ කළ පුද්ගලයෙක් කිළිනොච්චිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (10) කිළිනොච්චිය ශාන්තපුරම් ප්‍රදේශයේදීයි.

එම තැපැල් සේවකයාට ලිපිනයක් සම්බන්ධයෙන් ගැටලුවක්  පැන නැඟී ඇති අතර ඔහු ඒ පිළිබඳව අසළ වෙළඳසැල් හිමියෙකුගෙන් තොරතුරු විමසමින් සිටියදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක්  තැපැල් සේවකයාට බැන වැදී ඔහුට පහරදී තිබෙනවා.

තවද එම පුද්ගලයා තැපැල් සේවකයා ළග තිබූ නිළ ඡන්ද පත්‍රිකා පැහැර ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී වෙළඳසැලේ සිටි පිරිසක් එම ක්‍රියාවට ඉඩදී නොමැති බවයි වාර්තා වන්නේ.

(lknews)