ප්‍රවේශ පත්‍ර පරික්ෂාවට බාධා කළ අයෙකු අත්අඩංගුවට

September 27, 2023 - 10:16 AM
ඊයේ (26) සවස මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රිය සේවකයන් විසින් ප්‍රවේශ පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු සිදු කිරීමේදී ඒ සඳහා බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වන විට එම පුද්ගලයාව මරදාන පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන්නේ, දිගින් දිගටම මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර රහිතව මගීන් ගමන් කිරීම සිදුවන බැවින් පාලනාධිකාරිය විසින් ප්‍රවේශ පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු දිනපතා සිදු කිරීමට කටයුතු කරන බවයි.
(lknews.lk)