නාම යෝජනා ප්‍රතික්ෂේප වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

October 18, 2024 - 12:56 PM
මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ වන්නි දිස්ත්‍රික්කයේ නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු එහි සාමාජිකයන්, වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ සියලු ලේඛන විධිමත්ව ඉදිරිපත් කර තිබියදී සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

(lknews.lk)