සිරි දළදා වන්දනාව අද පස්වරුවෙන් අවසන්
April 27, 2025 - 11:10 AM
දෙස් විදෙස් ජනතාවට අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව උදාකරන සිරි දළදා වන්දනාවේ අවසන් දිනය අදට (27) යෙදී තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා දළඳා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවන බවයි ශ්‍රී දළදා මාලිගාව සඳහන් කළේ.
වසර 16කට පසු මවර සිරි දළදා වන්දනාව පසුගිය 18 වනදා ආරම්භ වුණා.
ගතවූ දින 09 තුළ සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට 'සිරි දළදා වන්දනාව' සදහා අවස්ථාව හිමිවූ අතර තවත් විශාල පිරිසක් අද දිනයේ ද දළදා වන්දනාව සඳහා පෝලිම්වල රැදී සිටින බවයි වාර්තා වන්නේ.
(lknews.lk)