දුම්රියක් පීලි පනී

December 29, 2023 - 10:36 AM
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
 
ඒ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1006 දරණ පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය බදුල්ල සහ හාලි ඇල දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්වීම හේතුවෙන්.
(lknews.lk)