පොලිස්පති ධුරයට සීමාවක් පැනවෙන ලකුණු

November 29, 2023 - 12:58 PM
පොලිස්පති ධුරයට පත්වන නිලධාරියාගේ ධූර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා. 

පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාගේ සේවා කාලය ඇතුලත අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට ද අදාළ වනු ඇති. 
 
ඒ අනුව පොලිස්පති ධුරයට පත්ව වසර තුනකින් පසුව ඔහු විශ්‍රාම යා යුතු වනවා. 
(lknews.lk)