සැකකරුවෙකුගේ ජංගම දුරකථන විකුණු පොලිස් නිලධාරියා

February 19, 2024 - 11:31 AM
පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙකු සන්තකයේ තිබූ රුපියල් 58,000ක් වටිනා ජංගම දුරකථනයක් රුපියල් 5,000කට පුද්ගලයෙකුට අලෙවි කළ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අම්පාර මුලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටින පොලිස් කොස්තාපල් රියැදුරෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

එම ජංගම දුරකථනය සැකකාර කොස්තාපල්වරයා වෙනත් පුද්ගලයෙකුට අලෙවි කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් ජංගම දුරකථනයේ හිමිකරු පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ, පැමිණිල්ල සම්බන්ධයෙන් අම්පාර කොට්ඨාස  අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුරත් විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.
(LKNEWS)