වරාය නගරයේ තීරුබදු රහිත ව්‍යාපාරවල අවශ්‍යතා ගැසට් කරයි

October 28, 2023 - 5:21 PM
කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සිල්ලර වෙළඳාම හෝ තීරුබදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදු කිරීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ගැසට් කර තිබෙනවා.

ඒ අනුව තීරුබදු රහිත සිල්ලර ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ආයෝජකයෙකු අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් ආයෝජනය කළ යුතුයි.

තීරු බදු රහිත සාප්පු සංකීර්ණ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට නම් ප්‍රවර්ධකයෙකු අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 07ක ආයෝජනයක් කළ යුතු බවද එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
(lknews.lk)