විදේශ රැකියාවලින් කොටසක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට

June 06, 2024 - 3:22 PM

ශ්‍රී ලංකා රජයට ලැබෙන විදේශ රැකියාවලින් කොටසක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අතර සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම අවස්ථාව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හිමිව තිබෙනවා.
 
(lknews)