පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරය හිස් වෙයි

December 17, 2023 - 5:03 PM

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හිස්ව තැබීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ විධායක සභාව විසින් මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම එහිදී පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරාවල ධම්මරතන හිමියන් යළි පත් කර ඇති අතර මන්ත්‍රී සාගර කාරියවසම් මහතා යළිත් වරක් මහලේකම් ලෙස තේරී පත් වුණා.

මීට අමතරව, නව භාණ්ඩාගාරික ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් කෙරුණා.
(lknews.lk)