තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘතව තැබීමට පියවර

December 02, 2023 - 5:45 PM
බස්නාහිර පළාත තුළ තෝරාගත් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා තැපැල් කාර්යාල 13ක් තෝරාගෙන ඇති බවයි තැපැල් දෙපාර්මේන්තුව විසින් දැනුම්දී ඇත්තේ.

බොරැල්ල, වැල්ලවත්ත, හැව්ලොක් ටවුන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස, නුගේගොඩ සහ සීතාවකපුර යන තැපැල් කාර්යාල මේ සඳහා තෝරාගෙන තිබෙනවා.

එම තැපැල් කාර්යාල හරහා පොලීසිය මගින් නිකුත්කරන දඩ පත්‍රිකාවල දඩ මුදල් ගෙවීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසුවා.
(lknews.lk)