තැපෑල සංකේත වැඩ වර්ජනයක

December 11, 2023 - 8:24 AM
තැපැල් සේවකයින් ඊයේ (10) පස්වරු 4.00 සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.

ඒ මහනුවර, නුවරඑළිය ඇතුළු තැපැල් කාර්යාල කිහිපයක් විකිණිමට රජය ගෙන ඇති තීරණයට එරෙහිවයි. 

මෙම සංකේත වැඩ වර්ජනයට විසිහත් දහසකට අධික තැපැල් සේවකයින් එක්ව සිටින බව තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවා.
 
එම වර්ජනයය හෙට (12) මධ්‍යම රාත්‍රීයේ අවසන් කිරීමට නියමිතයි. 
 
ඒ අනුව රටපුරා තැපැල් කාර්යාල 653 ක්, උප තැපැල් කාර්යාල 3,410 ක් සහ සියලුම පරිපාලන කාර්යාලවල කටයුතු අඩාල විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
(lknews.lk)