ඇල්පිටියේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද

October 14, 2024 - 9:26 AM
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද (14) ආරම්භ වනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ අද දිනයේ තම ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 18 වනදා සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඒ සඳහා විශේෂ අවස්ථාවක් හිමිවන බවයි.

ඇල්පිටිය මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 17 වනදා සිට 20 වනදා දක්වා බෙදාහැරීමට නියමිතව තිබෙනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන 26 වනදා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායමක් ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදී තිබෙනවා.

(lknews.lk)