දකුණු පළාතේ පාසල් 22ක විදුලිය කපයි

December 20, 2023 - 11:51 AM
දකුණු පළාතේ රජයේ පාසල් 22ක විදුලිය සබඳතා විසන්ධි කර තිබෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා. 

ඒ අතර මාතර නගරයේ පිහිටි පාසල් 5ක් ද ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
 
පාසල්වල විදුලි බිල්පත් අදාළ කලාප අධ්‍යාපන කොට්ඨාශයෙන් ගෙවිය යුතු වුවත් මාතර කලාප අධ්‍යාපන කොට්ඨාශයට මුදල් නොමැතිකම හේතුවෙන් බිල්පත් ගෙවා නොමැති බවයි ඔහු පැවසුවේ.
(lknews.lk)