තිරිඟු පිටි මිල සංශෝධනය ගැන සමාගම් කතා කරයි

January 11, 2024 - 9:33 AM
ගෝලීය වෙළෙඳාමේ බාධා තිබියදීත් තිරිඟු පිටි මිල සංශෝධනයක් සිදු නොවන බව සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් සඳහන් කරනවා. 

රටට තිරිඟු පිටි අවශ්‍යතා සපයන ප්‍රධාන සමාගම් දෙක වන Serendib Flour Mills (Pvt) Ltd සහ Prima Ceylon (Pvt) Ltd – සමාගම් පවසන්නේ තිරිඟු ධාන්‍ය මාස හයකට ප්‍රමාණවත් ලෙස තම ගබඩා තුළ සුරක්ෂිත කර ඇති බයි. 
 
එබැවින් ඉහළ මිල සංශෝධනයකින් තොරව මිල ස්ථායීතාව සහතික කරන බව එම සමාගම් පවසනවා. 
 
ඒ අනුව සමාගම් දෙක ප්‍රකාශ කළේ මෑත කාලීන අර්බුදය තුළ පවා ප්‍රමාණවත් තිරිඟු ධාන්‍ය සහ තිරිඟු පිටි තොග තබා ගනිමින් රටේ ආහාර සුරක්ෂිතතාවයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි.
(lknews.lk)