වෙළඳපොලේ වී මිල ඉහළට

September 09, 2024 - 3:36 PM
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම ආරම්භ කිරීමත් සමඟ වෙළඳපොලේ වී මිල ඉහළ ගොස් තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ රජය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6,000ක මුදලක් ලබා දීමට තීරණය කළ බවයි.

ඒ අනුව එහි පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 500ක් වී අලෙවි මණ්ඩලයට ලබා දී තිබෙනවා.

වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමඟ පුද්ගලික අංශය විසින් ඉහළ මිලකට වී මිල දී ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ රුපියල් 105ත් 110ත් අතර පැවැති කීරි සම්බා වී කිලෝවක මිල මේ වන විට රුපියල් 130 ඉක්මවා තිබෙන බවයි.


(lknews)