එළවළු මිල අඩුවෙයි

April 06, 2024 - 11:14 AM
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළුවල මිල වසර 10කට පසුව අඩුම අගය වාර්තා කර තිබෙනවා.

එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් සඳහන් කළේ දෛනිකව ලැබෙන එළවළු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් මිල ගණන් අඩු වී ඇති බවයි.

මේ අතර පෑළියගොඩ තොග එළවළු මිලද අඩු වී තිබෙනවා.

එළවළු කිලෝ 1ක මිල පහතින්,

රාබු රු. 30.00
බෝංචි රු. 60.00
මෑකරල් රු. 50.00
නෝකොල් රු 50.00
කැකිරි රු. 20.00
කැරට් රු. 150.00
ලීක්ස් රු. 240.00
ගෝවා රු. 180.00
වම්බටු රු. 100.00
අමු මිරිස් රු. 180.00
දඹල රු. 100.00
මාලු මිරිස් රු. 250.00
වැටකොළු රු. 120.00
ඉඟුරු රු. 2300.00
දෙහි රු. 350.00

(lknews.lk)