බේකරි නිෂ්පාදනවල මිල වෙනස් නොවෙයි

April 02, 2024 - 3:43 PM
ගෑස් මිල අඩු වීමට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු නොවන බව බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමය පවසනවා.

ඉන්ධන මිල, විදුලි ගාස්තු වැඩි වුණත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ නොදැමූ බවත් පාන් පිටි මිල ඉහළ ගිය විට පමණක් නිෂ්පාදනවල මිල ඉහළ දැමූ බවත් එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන සඳහන් කළා.

ඒ හේතුවෙන් පාන් පිටි මිල අඩු වුවහොත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

(lknews.lk)