අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

April 11, 2024 - 5:21 PM
අලුත් අවුරුද්ද සහ රාමසාන් උත්සව වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා.
 
ඒ අනුව කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 4කින් සහ චීනයෙන් ආනයනය කරන බී ළූණු කිලෝ එකක මිල රුපියල් 55කින් අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

සුදු කැකුළු සහල් කිලෝවක මිල සටහන් වන්නේ රුපියල් 185ක් ලෙසයි.
 
එමෙන්ම බී ළූණු කිලෝවක නව මිල රුපියල් 320ක් ලෙස සටහන් වනවා.

(lknews.lk)