ඉදිරි දින කිහිපය තුළ කොත්තු, රයිස් මිල ඉහළට

December 23, 2023 - 12:04 PM
ඉදිරි දින කිහිපය තුළ ආහාරපානවල මිල රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසන්නේ වෙළෙඳපොළේ සහල්, එළවළු, මස්‍, මාළු, බිත්තරවල මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තීරණය ගනු ඇති බවයි.
(lknews.lk)