ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍යයේ පලකෙරූ විදුහල්පති අත්අඩංගුවට

September 08, 2024 - 2:44 PM
තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාවක් ඡායාරූප ගත කිරීමේ චෝදනාවකට මුලතිව් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව් පොලීසිය සඳහන් කරන්නේ අදාළ විදුහල්පතිවරයා පසුගිය 06 වනදා මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ දී තැපැල් ඡන්දය භාවිත කරන අතරතුර ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන ඇති බවයි.

ඔහු විසින් ඡන්ද පත්‍රිකාව ඡායාරුප ගතකරන අයුරු නිරීක්ෂණය කළ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරින් විදුහල්පතිවරයාගේ ජංගම දුරකතනය පරික්ෂාවට ලක් කර තිබුණා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කියා සිටියේ තම ඡන්දය ස්ථිර වශයෙන්ම එම අපේක්ෂකයා වෙත සලකුණු කළ බවට එම අපේක්ෂකයාට තහවුරු කිරීම පිණිස ඔහුට යැවීම සඳහා ගත් බවයි.

පොලීසිය සඳහන් කරන්නේ අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.


(lknews)