පොසොන් පොහොය වෙනුවෙන් රැඳවියන් 289ක් නිදහස්

June 21, 2024 - 1:52 PM
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාර ගත සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමා තිබෙනවා.

මෙම විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කිරීම අනුව දිවයිනේ සියළුම බන්ධනාගාර මඟින් අදාළ කොන්දේසි අනුව සුදුසුකම් ලත් සුළු වැරදි සඳහා බන්ධනාගාර ගතවු රැඳවියන් අද දින නිදහස් කිරීමට නියමිතයි.

ඒ අනුව බන්ධනාගාරවලින් නිදහස් වන රැඳවියන් ගණන 289ක් බවයි වාර්තා වන්නේ.

(lknews)