ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටෙයි

February 10, 2024 - 3:55 PM
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටී තිබෙනවා.

මෙම අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.

ජෙට් යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් පස් දෙනෙකු එහි ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට පෙර ගුවන් නියමුවා විසින් ගමනාගමන පාලකවරයාට යානයේ එන්ජිම ක්‍රියාවිරහිත වී ඇති බව දන්වා හදිසි ගොඩබෑමක් අවශ්‍ය බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(lknews.lk)