ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට උසස්වීමක්

June 22, 2024 - 4:37 PM
ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 5වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව ලැබූ  පූර්ණ එක්දින තරගාවලි ජයත් සමඟින්.

කොදෙව් කණ්ඩායමට එරෙහි තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල 07වන ස්ථානයේ රැඳී සිටියා.

ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ හිමි කරගෙන සිටින්නේ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමයි.

(lknews)