නව දේපල බද්දක් හඳුන්වා දීමට පියවර

January 20, 2024 - 12:29 PM
2025 වසරේ දී නව දේපල බද්දක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩසටහනට අනුව මෙම බද්ද හඳුන්වා දීමට නියමිතයි.

ඒ අනුව මෙම බද්ද හරහා දේපළ හිමියන් මත බදු අයකර ගැනීමට රජයට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
(lknews.lk)