රජයේ රැකියා දෙන්න ඩලස් ගෙනා යෝජනාව

July 12, 2024 - 4:59 PM
අ.පො.ස උසස් පෙළ විභාගය සමත්වීම සුදුසුකමක් ලෙස ඇති රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමේදී ඉසෙඩ් ලකුණේ අගය මත එය සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශපාලන අවශ්‍යතා සහ පෞද්ගලික රුචි, අරුචිකම් මත ඇතිකරන ප්‍රතිපත්ති රාජ්‍ය සේවයට හානියක් සිදුකර ඇති බවයි.

(lknews)