ජූලි මාසයේ විදුලි බිල අඩු කරන්න යෝජනාවක්

June 06, 2024 - 12:42 PM
ජූලි මාසයේ පළමු වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව විදුලි  ඒකක 0 - 30 දක්වා ඒකකයක මිල රුපියල් 8 සිට රුපියල්  6 දක්වා ද, ඒකක 31 - 60 දක්වා එකකයක මිල රුපියල් 20 සිට රුපියල්  9 දක්වා ද, ඒකක 61 සිට 90 දක්වා  ඒකකයක මිල රුපියල් 30 සිට 18 දක්වා ද, ඒකක 91- 180 දක්වා ඒකකයක මිල රුපියල් 50 සිට 30 දක්වා ද, අඩුකරන බව අමාත්‍යවරයා දැනුම් දුන්නා.  

එහිදී ගෘහස්ත කාණ්ඩයේ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට නියමිත බවත් මෙම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු කියා සිටියා.

අමාත්‍යවරයා විසින් අද (06) පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පළ කළා.

(lknews)