දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙකු ඝාතනයට ලක් වෙයි

September 13, 2023 - 12:45 PM
ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, දුම්රිය නිවාස ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහර දී දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (12) මෙම ඝාතනය සිදුව ඇති බවයි.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තවත් අයෙකු විසින් මෙම පුද්ගලයාට පිහියකින් ඇන තුවාල සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පොලිසිය සඳහන් කළේ, අවට පිරිස තුවාලකරුව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මිය ගොස් සිටි බවයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 41ක් වූ මාතර, බියගහ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව අයෙකු බව සඳහන්. 
(lknews.lk)