පොසොන් සමයේ දුම්රිය මගීන්ට සුබ පණිවිඩයක්

June 17, 2024 - 6:39 PM
ගාස්තු අය කිරීමකින් තොරව ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් අද (17) සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන්.

එම විශේෂ දුම්රිය කිහිපය අනුරාධපුරය - මිහින්තලය අතර ක්‍රියාත්මක වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර පොසොන් පුර පසළොස්වක  පොහොය දිනය එළඹෙන 21 වනදාට යෙදී ඇති අතර හෙට සිට ලබන 24 වනදා දක්වා පොසොන් සතිය ප්‍රකාශයට පත් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

(lknews)