අදත් සවස වැසි

April 18, 2024 - 8:44 AM
බස්නාහිර,සබරගමුව පළාත්වලත් ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

උතුරු-මැද, මධ්‍යම, වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවතිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

(lknews.lk)