අදත් සවස වැසි

April 20, 2024 - 9:13 AM
බස්නාහිර, සබරගමුව,වයඹ, ඌව සහ මධ්‍යම පළාත්වලත්, අනුරාධපුර, වවුනියා,මන්නාරම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

(lknews.lk)