අදත් හවසට වැසි

March 30, 2024 - 9:30 AM
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලට අද(30) ප.ව 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම මධ්‍යම,සබරගමුව ,ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් පෙන්නුම් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

(lknews.lk)