ජූලි මාසයේ වාර්තාගත සංචාරකයින් සංඛ්‍යාවක් දිවයිනට

August 01, 2024 - 9:41 AM
2024 ජූලි මාසයේ මුල් දින 28 තුළ දී සංචාරකයින් 170,647ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

2024 මාර්තු මාසයෙන් පසු මේ දක්වා එක් මාසයක් තුළ මෙරටට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණය මෙයයි.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,180,896ක් බවයි වාර්තා වන්නේ.

(lknews)