සුව ඇමති සහ පිරිස අවුරුද්දට 50 වතාවක් රට ගිය බවට වාර්තාවක්

September 22, 2023 - 1:00 PM
සෞඛ්‍ය අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ නිලධාරින් වසරක කාලයකදී විදේශ සංචාර 50ක නිරතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සෞඛ්‍ය අංශය සකස් කළ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

මෙම වාර්තා සකස් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රී ධරන් විසින්.

අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය තොරතුරු දැන ගැනීමේ පනතට අදාළව කළ ඉල්ලීමකින් පසු මෙම වාර්තාව සකස්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විදෙස් සංචාර 50ක්, සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විදේශ සංචාර දෙකක්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන විදේශ සංචාර 4ක් ද ගොස් තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු නියෝජිත ආයතන මගින් කළ ආරාධනාවලට අනුව මෙම විදේශ සංචාර ගොස් ඇති අතර, එම ආයතන විසින් ගුවන් ටිකට්පත්, ආහාර සහ නවාතැන් පහසුකම් සඳහා වන වියදම් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සෞඛ්‍ය අංශය විසින් මෙම වෛද්‍යවරුන්ට විදේශ රාජකාරි නිවාඩු අනුමත කර ඒ සඳහා අනියම් දීමනාවක්ද ලබා දීමට අනුමැතිය ලබා දී තිබෙනවා.
(lknews.lk)