අඩු වූ ගෑස් මිල මෙන්න

May 03, 2024 - 5:02 PM
ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 175කින් අඩු කර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 3, 940ක්.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1, 582ක්.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740ක්.

(lknews)