ඡන්ද හිමි නාම ලේඛනය සංයුක්ත තැටියක් ලෙස

October 14, 2024 - 10:19 AM
2024 ඡන්ද හිමි නාම ලේඛනය සංයුක්ත තැටියක් ලෙස නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ 2024 මහ මැතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයන්ට මෙම සංයුක්ත තැටිය ලබාගත හැකි බවයි.

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාගේ, බලයලත් නියෝජිතයෙක්ගේ, ස්වාධීන කණ්ඩායම් නායකයෙක්ගේ හෝ අපේක්ෂකයෙක්ගේ ලිඛිත ඉල්ලීමකට අනුව සංයුක්ත තැටි නිකුත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

ඒ අනුව සතියේ වැඩකරන දිනක කාර්යාල වේලාව තුළ නියමිත ගාස්තු ගෙවා ප්‍රධාන කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මඟින් 2024 ඡන්ද හිමි නාම ලේඛනය ඇතුළත් සංයුක්ත තැටිය ලබා ගැනීමට හැකියාව පවතිනවා.

(lknews.lk)